ගංවතුර අනතුරු ඇඟවීම් යළිත් දීර්ඝ කෙරේ

flood-peoples

ගිං ගඟ ද්‍රෝණියට හා නිල්වලා ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නිල්වලා ගංගා ද්‍රෝණියට ඇදහැලෙන වර්ෂාවත් සමග එම ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර මට්ටම නැවත ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වය අඩුවෙමින් පැවතිය ද ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් ගංවතුර අවදානම් ඇති විය හැකි බැවින් එම ප්‍රදේශවල අතුරු මාර්ගවල ගමන් කිරීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.