මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන විදෙස් ගතව සිටින කුඩු ප්‍රියංකර නැමැත්තාට අයත් බවට කියන රුපියල් කෝටි 8 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි
ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු වන බව පොලිසියකියයි
එම කාන්තාවන් දෙදෙනා අතරම මහා පරිමාණ මත්ද්‍රව ජාවාරම් කාරියක් වන කුඩු බානු නමැත්තියද වන බව පොලිසියකියයි
එම සැකකරුවන් සමග මත්කුඩු කිලෝ 4 ගෑම් 302 ක් පොලිස් භාරයට ගෙන ඇත
මාලිගාවත්ත ප්‍රදීපා මාවතේ සංඝරාජ වටරවුම අසලදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 206 ක් සමග අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකාරිය පදිංචි අංගොඩ අවිස්සාවේල්ල පාරේ සිරි නිවාස පාර නිවස වටලා සිදුකළ පරික්ෂා කිරීමේදී පාර්සල් හතරක අඩංගු හොරයින් මත්කුඩු ගෑම් 3784 සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි
එම සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් කාන්තාවක හොරයින් මත්කුඩු ගෑම් 106 ක් සමග කොළඹ 14 ශාන්ත ජෝසප් වීදිය පදිංච නිවසේදී අත්අඩංගුවට එකත් බව පොලිසිය සඳහන් කරයි
සැකකාරියගෙන් අනාවරණ වූ තවත් තොරතුරක් මත කෙසෙල් වත්ත පිර්සයිබු වීදිය පදිංචි පුද්ගලයකුත් කෙසෙල් වත්තේ රාජ්‍ය බැංකුවක් අසලදී හොරයින් මත්කුඩු ගෑම් 206 ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි
මෙම ජාවාරමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකුද හොරයින් මත්කුඩු ප්‍රවාහනය කිරීමේ වරදට සහ ළඟ තබා ගැනීමේ චෝදනාව මත මාළිගාවත්ත සංඝරාජ වටරවමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් සඳහන්කරයි
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් සිව්දෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි
කොලොන්නාව – රෝහන්

