කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති CCTV පද්ධතිය හරහා මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන ජනවාරි 22 වැනි දා සිට ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
එම වැරදි සඳහා අදාළ දඩ පත්‍රිකා, වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නතම පොලිස් ස්ථානයට ලැබීමට සලස්වන බවයි ඔහු සඳහන් කළේ.
එහිදී ඔහුට පොලීසියට ගොස් තමන් සිදුකළ වරද බලා ගැනීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

