කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්

R

අද (04) පස්වරු 02.00 සිට පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ 01 සිට 04, කොළඹ 07 සිට 11, කඩුවෙල නගරය සහ ඒ අවට කොලොන්නාව නගර සභා ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.