කොමිෂන් සභා දෙකක පවතින පුරප්පාඩු සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාදීම තවදුරටත් කල් දමා ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මේ මස 22 වන දින යළි ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ව්‍යවස්ථාදායක සභාව ඊයේ (02) රැස්වූ අතර එහිදී දැනට පුරප්පාඩුව පවතින මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනා සහ පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සාමාජිකයා පත්කිරීම පිළිබඳව අනුමැතිය ලබාදීමට නියමිතව තිබුණා.

