කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි

keheliya-rambukwalla-3[1]

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී තිබෙනවා.

අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 45ක් අත්සන් යොදා ඇති බවයි සඳහන් වන්නේ.

සමගි ජන  බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන විසින් අදාළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.