කැළෑ ප්‍රදේශවල මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහ මාර්ගවල ගමන් ගන්නා වාහන මඟින් මාර්ගය දෙපස ගැවසෙන වන අලින් සඳහා ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් එම මාර්ගවල ගමන්ගන්නා වාහනවලට බාධා කරමින් වන අලින් ආහාර ලබා ගැනීමට පුරුදු වන බැවින් කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහ මාර්ගවල ගමන්ගන්නා අවස්ථාවල දී වන සතුන්ට ආහාර ලබාදීමෙන් වැලකී සිටින ලෙසයි වනජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

