කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැර හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව අද (21) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.
දුරුතු මහා පෙරහැරට සමගාමීව අද පස්වරු 3.00 සිට රාත්‍රී 8.00 දක්වා දේවදූත පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන් කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන එම පෙරහැර පෑලියගොඩ මාර්ගයේ පිලපිටිය හන්දිය දක්වා වීදී සංචාරය කර ගෝනගම්පළ මාර්ගයෙන් වරාගොඩ මාර්ගයට පිවිසෙන බවයි පොලීසිය සඳහන් කළේ.
ඉන් අනතුරුව වරාගොඩ මාර්ගයෙන් නුංගංගොඩ දක්වා එම පෙරහැර වීදි සංචාරය කර ගල්බොරැල්ල, වළංකඩ හන්දියෙන් දකුණට හැරී විහාර මාවත ඔස්සේ කැලණි රජමහා විහාරස්ථානයේ නවලෝක වාහල්කඩින් විහාරස්ථානයට ගෙවදීමට නියමිතයි.

