ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද 31.07.2025 දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතගේ සභාපතිත්වයෙන් යුතුව කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී රැස්වුනා. එහිදී 2025 වර්ෂයට අදාලව කැලණිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කැලණිය ප්‍රාදේශීය සභාව, පෑලියගොඩ නගර සභාව මගින් රුපියල් මිලියන 230ක වියදමින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති 102ක් පිළිබන්දව ප්‍රගතිය සාකච්ඡා කළා.
එමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටළු සහ ඒ සඳහා විසඳුම් සොයා බලා අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් ලබාදෙන ලදි. ප්‍රදේශයයේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම හා පොදු ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන්නට විය. මත් ද්‍රව්‍ය උවදුර මැඩලීම, ගංවතුර පාලනය, කිරිබත්ගොඩ නගරයේ අධික වාහන තදබදය වැනි කරුණු පිළිබන්දව ද අවධානය යොමු කරන්නට විය.
කැලණිය ප්‍රාදේශීය ලේකම්තුමිය, කැලණිය, කිරිබත්ගොඩ, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරු, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, පෑලියගොඩ නගර සභාවේ සභාපතිතුමන්, ප්‍රාදේශීය මහජන නියෝජිතයන්, සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා නිළධාරී මහත්ම මහත්මීන් මෙම අවස්තාවට එක්වසිටියා.
කැලණියට මිලියන 230ක සංවර්ධන වැඩසටහන්….
-
යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ…..
Read more >> -
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි….
Read more >> -
චරිත්, රඛිත සහ අරුණ අල්ලස්වලින් දේපළ අත්පත් කරගත්තාදැයි විමර්ශන……
Read more >> -
භෞත චිකිත්සකවරියගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිවෙයි…..
Read more >> -
වහාම බදු ගෙවා අවසන් කරන ලෙස මෙන්ඩිස් සමාගමට නියෝග….
Read more >> -
දක්ෂිණ අධිවේගයේ වාහන 5ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්….
Read more >> -
රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ…..
Read more >> -
සියයට 15 ඉක්මවූ බස් ගාස්තු වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා – ගැමුණු……
Read more >> -
ක්‍රිෂ් නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි…..
Read more >> -
2027 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ…..
Read more >>

