කැනේඩියානු මහකොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවයි

foreign-ministry-11

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් පසුගිය 18 වනදා ශ්‍රී ලංකාව සම්බන්ධව කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයාව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවා ඇති බව වාර්තා වනවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රී විසින් මෙම කැඳවීම කර ඇති අතර, අමාත්‍යවරයා එහිදී කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ පසුගිය මැයි 18 වනදා නිකුත් ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදුකළ බවට වන ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කොට හෙළා දැක ඇති බවත් සඳහන්.