කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් යානයක් පියාසර කරවා තිබෙනවා.
ඒ අනුව එම යානය කටුනායක ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවේ ට්‍රිචි ගුවන්තොටුපොළ බලා පියාසර කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ.
මෙම යානයේ කාර්ය මණ්ඩලය ලෙස කපිතාන් චාමිකා රූපසිංහ, පළමු පියාසර නිලධාරි බිමලී ජීවන්දර, ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී රෝෂානි දිසානායක, ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල සහ ගුවන් සේවිකාවන් වන ලක්මිණි දිසානායක, ජයකලනී කින්සන් සහ හර්ෂි වල්පොල කංකානමාලගේ මේ සඳහා එක්ව තිබෙනවා.

