ක්‍රිකට් පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – මනූෂ නානායක්කා​ර

manusha-nanayakkara

ක්‍රිකට් පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු විසඳීමට පත්කළ විශේෂ කැබිනට් අනු කමිටුව පවසනවා.

ඒ අනුව අද (04) අයවැය විවාදයට එක්වෙමින් එහි සාමාජික අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ, කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමුවූ බවයි.

පරිපාලන ගැටලුව විසඳීම සඳහා ක්‍රිකට් නීතියක් ඇතුළත් කිරීමට අවධානය යොමුව ඇති බවත්, මූල්‍ය විනිවිදභාවය සැකසීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් සිය කමිටුවට අනාවරණය වූ බවද අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළා.