කල් දැමූ IPL අවසන් මහා තරගය අද

ipl-final-2023

ඊයේ (28) පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ඊයේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත අහ්මදාබාද් ක්‍රීඩාංගනයට අධික වර්ෂාවක් පතිතවීම හේතුවෙන්. ඒ අනුව තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.