ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට එක්වරක් පමණක් පිරිනමන ඉහළම සම්මානයක් වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානයෙන් හිටපු කතානායක කරු ජයසූරිය පිදුම් ලබා ඇති බව වාර්තා වනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති මන්දිරයේ දී අදාළ සම්මානය කරු ජයසූරිය වෙත පිදූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ.
ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා මෙම ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය කරු ජයසූරිය වෙත පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබුණා.

