කරන්දෙනිය පොලිස් වසමේ තල්ගහවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී පුද්ගලයකුට පොල්ලකින්් පහර දී ඝාතනය කර ඇත.
පෝය(ඊයේ) දින රාත්‍රියේ තල්ගහවත්ත ප්‍රදේශයේ තම නිවසේ මියගිය අය මිතුරන් තිදෙනෙකු සමග මත්පැන් සාදයක් පවත්වා ඇත. රාත්‍රී 10 වනතෙක් ඔවුන් මත්පැන් සාදය පවත්වා ඇති අතර ඉන්පසුව තම මිතුරන් ඔවුන්ගේ නිවෙස් වලට ඇරළවීම සඳහා තම මාමණ්ඩියගෙන් ත්‍රී රෝද රථය ඉල්ලා සිටි අවස්ථාවේ බීමත්ව සිටි නිසා මියගිය අයගේ මාමණ්ඩිය ඔහුට ත්‍රිරෝද රථය ලබාදීමට අකමැති වූ නිසා ඔවුන් අතර බහින් බස් වීමක් සිදුවී ඇත.එය දුරදිග යාම නිසා නිසා සැකකරු පොල්ලක් නිවසේ ජනේලයට පහරදී සිය බිරිඳට ද පහර දීමට තැත් කළ විට මාමණ්ඩිය එය වැළැක්වීමට උත්සාහ දරා ඇත.නමුත් මියගිය අය දරුණු ලෙස හැසිරීම නිසා පසුව ඔහුට මාමන්ඩිය විසින් මිරිස් ගසා පොලු පහරක් දී ඇත.මේ අවස්ථාවේදී දැඩි බීමතින් සිටි මියගිය අය පොලු පහර වැදීමෙන් එතනම මියගොස් ඇත.ඉන්පසුව එම මියගිය අයගේ මාමණ්ඩිය කරන්දෙනිය පොලිසියට බාර වී ඇත.මේ සිද්ධිය සම්බන්ධව ඇල්පිටිය සෝකෝ අංශයේ නිලධාරීන් පැමිණ පරීක්‍ෂණකටයුතු සිදු කරන ලදී.මෙසේ මිය ගොස් ඇත්තේ එක්දරු පියකු වන තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි මොරගොඩ තුෂාර සම්පත් නැමැති අයෙකි.මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ තල් ගහවත්ත ප්‍රදේශයේපදිංචි හේවා හකුරු විජයතිලක නමැති 58 හැවිරිදි අයෙකි.සිද්ධිය සම්බන්ධව කරන්දෙනිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
අම්බලන්ගොඩ – අනුරාධ ප්‍රියදර්ශන

