කම්කරු අයිතිවාසිකම් ගැන වෘත්තීය සංගම් නියෝජිතයින් හා විපක්ෂ නායක සමඟ සාකච්ඡාවක්

sajith-meet-cw

ප්‍රධාන වෘත්තිය සමිති සංගම් නියෝජනය කරමින් එහි නායකයින් සහ නියෝජිත පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව කම්කරු අයිතිවාසිකම් සහ අණ පනත් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.

තවදුරටත් කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ බල ගැන්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බවත් මේ වැඩපිළිවෙළ පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මාණය කළ යුතු යැයි වෘත්තිය සමිති නායකයින් එහිදී පැවසූ බවද සඳහන්.

සමාජ කතිකාවකින් ඔබ්බට සමාජ සම්මුතියක් දක්වා එය රැගෙන යා යුතු බවයි මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.