කපිල චන්ද්‍රසේනගේ ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කළ තැරැව්කරුවන් දෙදෙනා රිමාන්ඩ්…..

Law

පසුගිය දා අබිරහස් ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු සොයාදූන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු හෙට (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කෙසෙල්වත්ත පොලීසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ මහෙස්ත්‍රත්වරයා එක් සැකකරුවකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කරන ලෙසත් නියම කළේය.