ආණ්ඩුව ගෙන එන “කට වහන නීති” වලට එරෙහිව ලබන සඳුදා (06) වෘත්තීය සමිති, බහුජන සංවිධාන, නීතිඥයින් සහ සියලු ප්‍රජාව ඒකාබද්ධව විරෝධතා සම්මන්ත්‍රණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට කිසි ලෙසකින් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නොහැකි බවද විදුලිය, ඉන්ධන හා ජීවන වියදම ඉහළ ගොස් ඇති පසුබිමක, ජනතාව පාරට බැසීම වැළැක්වීම සඳහා මෙම පනත් ගෙන එන බවද ඔහු පෙන්වා දෙනවා.
ප්‍රතිත්‍රස්ථ පනත සහ මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිතතාව පිළිබඳ පනත ලස්සන වචන යොදා ගෙන ඒමට යන්නේ, රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම පාලනය කිරීමට බවද, එයට ඉඩ නොතියන බවද ඔහු අවධාරණය කරනවා.
පාරට බැස ගෝඨාභය රාජපක්ෂ එළ වූ ජනතාව, මෙම කට වහන නීති වලට එරෙහිව පාරට බැසීමට සූදානම් බවද, මෙම පනත් ඉල්ලා අස්කර ගන්නා තුරු මෙම විරෝධතාවය ඒකාබද්ධව ගෙනයන බවද, ජයග්‍රහණය නොකර ආපසු නොහැරෙන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

