කටුනායක බස් වර්ජනය අවසන් වෙයි

bus-import-01

කොටුව – කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනයේ නිරත සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා.
ඒ අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එළැඹි එකඟතාවයට අනුව බස් රථ ධාවනය කිරීම අද (29) සිට යළි ආරම්භ කරන බවයි ගුවන් තොටුපොළ – කොටුව බස් රථ සේවක සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර සඳහන් කළේ.
බස් රථ ධාවන මාර්ගයක් සංශෝධනය කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.