ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ විරෝධතා පා ගමනට බොරැල්ලේදී පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණද, අධිකරණය නියෝගයක් මඟින් දුමින්ද නාගමුව ඇතුළු 11 දෙනෙකුට ජාතික රෝහල ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබීම හේතුවෙන් ඔවුන් බොරැල්ල ප්‍රදේශයේදී සිය විරෝධතාව පැවැත්වූවා.

