එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද ඇරඹෙයි

un-summit-2023

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද (18) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම යන තේමාවෙන් යටතේ මෙවර සමුළුව පැවැත්වීමට නියමතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන 21 වැනිදා සැසිවාරය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.