උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාද වෙලා – ලංකා ගුරු සේවා සංගමය

exam-new-1

උසස් පෙළ විභාගය අවසන් වී සති 02ක කාලයක් ගතවුවද ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසනවා.

මීට අමතරව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ප්‍රමාද කිරීම හේතුවෙන් විභාග අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි.

කෙසේ වෙතත් විභාග දෙපාර්තමේන්තුව පවසා තිබුණේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පරීක්ෂකවරුන් බඳවා ගැනීම මාර්තු මස 8 වනදා දක්වා සිදුකරන බවයි.