අධික වේගයෙන් දාවනය වූ ලොරි රථයකට යතුරුපැදියක් ගැටී එම අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ තරුණයෙකු (21) රාත්‍රියේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන්නතුරුව (22) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබිණ ,
අදාළ සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු (22) සවස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපර්ශවයේ කරුණු සලකා බැලූ නුවරඑළිය මහේස්ත්‍රාත් කේ.ජී.බී.එච්.දර්මදාස මහත්මිය ලොරි රථයේ රියදුරු එළඹෙන ඔක්තෝබර් මස 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කලේය ,
මෙහිදී සැකකාර ලොරි රථ රියදුරාගේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ සජීව කෞශල්‍ය ඩයස් මහතා ඉදිරිපත් වූ අතර අනතුරින් මියගිය තරුණයාගේ පාර්ශවය වෙනුවෙන් නුවරඑළිය රථවාහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු රථ වාහන අංශයේ නිලධාරින් අධිකරණය වෙත කරුණු දැක්විය ,
මෙහිදී නුවරඑළිය රථ වාහන පොලිසිය කරුණු දක්වමින් කියාසිටියේ අනතුරට හේතුව වශයෙන් මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ වාහනය අධික වේගයෙන් පැදවූ බවත් එලෙස අධික වේගයෙන් ධාවනය වූ වාහනය පැදවූ රියදුරා බීමතින් සිටි බවය ,
තවද ලොරි රඨ්ගයේ රියදුරු මීට පෙරද බීමතින් රිය ධාවනය කර කිහිප වතාවක්ම අධිකරණයේ වැරදිකරු වී ඇති බවය ,
සිදුවූූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූයේ නුවරඑළිය හාවාඑළිය පදිංචි වයස අවුරුදු 21ක් වූ පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු මනෙත් අපූර්ව නම් තරුණයා වේ ,
පෙරේදා (21) රාත්‍රී 9:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑළිය උඩ පුස්සල්ලාව ප්‍රධාන මාර්ගයේ හාවාඑළිය සිටි හංදිය දැව සංස්තාව අසලේ වයි වංගුව අසලදීය ,
තම නිවසේ සිට හාවාඑළිය දක්වා යතුරුපැදිය ධාවනය කල තරුණයා සිටි හංදිය වයි වංගුවෙදී යතුරුපැදිය නුවරඑළිය නගරය දෙසට හරවනවාත් සමග එම දිශාවටම උඩ පුස්සල්ලාව දෙස සිට නුවරඑළිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බව හා අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු බීමතින් සිටි බව මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත ,
අනතුරෙන් මිය ගිය තරුණයා සහ ලොරි රථය ධාවනය කළ රියදුරා යන දෙදෙනාගේම උපන්දින දින යෙදී ඇත්තේ අනතුරට පත් තරුණයා මියගිය ඒයේ (22) දින වීම අහඹු දෛවෝපගත සිදුවීමකි.
නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

