උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාර​යේ විමර්ශන CIDයට

uddika-car

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථය ඉලක්ක කර එල්ල වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බව පොලීසිය පවසනවා.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.