උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල – මාකුඹුර මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථයක සේවය කළ, ඕකවෙල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි රියදුරෙකි.
පසුගිය 8 වැනිදා මාකුඹුරේ සිට තංගල්ල බලා ධාවනය වූ බස් රථය ගමනාන්තය වෙත ළඟා වී සුළු මොහොතකින් මෙම රියදුරා හදිසියේම දැඩි ලෙස අසනීප වී ඇත.
වහා ක්‍රියාත්මක වී ඔහුව ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් තිබේ.
ඊයේ (9) තංගල්ල රෝහලේදී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ ආමාශය තුළ තිබී මත්ද්‍රව්‍ය අඩංගු පැකට් දෙකක් හමු වූ බවය.
ආමාශයේ තිබූ එම මත්ද්‍රව්‍ය පැකට් දෙකෙන් එකක් කැඩී, එම මත්ද්‍රව්‍ය ශරීර අභ්‍යන්තරයේදී රුධිරයට මුසු වීමෙන් සිදු වූ විෂ වීම මෙම මරණයට හේතුව බව වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

