උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව, මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා පැවසීය.
“මේ උත්සව සමයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයක් පිළිබඳව මේ වන විට පැමිණිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වෙලා තියෙනවා. පන්දහසේ නෝට්ටුව වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ලෙස මුද්‍රන වුණු අවස්ථා වාර්තා වෙනවා. 2024 වසරේ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 596ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරයට අරගෙන තියෙනවා. 2025 වසරේදී 5000 නෝට්ටු 535ක් සංසරණය වෙලා ශ්‍රී ලංකා පොලීසිය භාරයට අරගෙන තියෙනවා. 2024 වසරේ රුපියල් 2000 ව්‍යාජ නෝට්ටු 06ක්. 2025 වසරේ නෝට්ටු දෙකක්. 2024 වසරේ රුපියල් 1000 නෝට්ටු 561ක්. 2025 වසරේ රුපියල් 1000 නෝට්ටු 401ක්. 2024 වසරේදී රුපියල් 500 නෝට්ටු 193ක්. 2025 වසරේදී රුපියල් 500 නෝට්ටු 109ක් ආදී වශයෙන් සංසරණය වෙලා තියෙනවා. අපි මතක් කරනවා සැකසහිත නෝට්ටුවක් පිළිබඳව ඔබගේ හිතට දැනුනොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලීසිය වාර්තා කළ යුතුයි.”
මේ අතර ඉදිරි උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගරාශ්‍රිත ප්‍රදේශවල සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිළධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

