අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග ජල මට්ටම පහළ යාම හේතුවෙන් උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම සීමා කර තිබෙනවා.
ජලාශයේ සක්රීය මෙහෙයුම් කාර්යක්ෂමතාව මේ වනවිට 0.9% ක් දක්වා පහතවැටී ඇති බවද, එම තත්ත්වය තුළ දැනට නිකුත් කෙරෙන ජල ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 350 ක් බවද ජලාශය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර පවසනවා.
එම ජලය වගාව සඳහා කිසිසේත් ප්රමාණවත් නොවන බවද, වගාව සඳහා ජලය නිකුත් කරන්නේ නම්, එහි ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 750 ඉක්මවිය යුතු බවද ඉංජිනේරුවරයා පෙන්වා දෙනවා.

