ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම්වලින් මේ වන විට පුද්ගලයින් 1,100 ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එසේම ප්‍රහාර හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මේ අතර ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගයකට හමාස් සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී පුද්ගලයින් 260 ක් පමණ මියගොස් ඇති බවද සඳහන් වනවා.
දෙපාර්ශවය අතර පවතින ගැටුම මේ වන විට උග්‍ර අතට පත්වී ඇති අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද රැස්වීමට නියමිතයි.

