ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඊයේ (20) පැවති තරග දෙකෙන් ජය ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම හා ඕමාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ස්කොට්ලන්තය හා අයර්ලන්ත කණ්ඩායම් අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට අයර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 286 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායම අවසන් පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් කඩුලු එකක ජයක් ලබා ගැනීමට සමත් වුණා.
ඊයේ පැවති දෙවන තරගය UAE කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවති අතර එහිදී කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට UAE කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 227 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායම 46 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.
ඊයේ තරග සාරාංශය
-
2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය – ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…..
Read more >> -
ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී….
Read more >> -
ක්‍රීඩාවලදී යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය….
Read more >> -
තාත්තාගේ ලොකුම ආශාව සිතේ දරන් දුනිත් දිවයිනෙන් පිටව යයි….
Read more >> -
ශ්‍රී ලංකාවේ රුමේෂ් ලෝකෙන්ම 07 වෙනියා වෙයි…..
Read more >> -
වසර 27කින් කළ නොහැකි වූ දස්කමක් කළ දකුණු අප්‍රිකාව….
Read more >> -
වීසා නොලැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි….
Read more >> -
යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 නම් කෙරේ….
Read more >> -
රුමේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවට ඍජුව සුසුදුකම් ලබයි…..
Read more >> -
යෙවාන් ඩේවිඩ් අලුත් ඉතිහාසයක් අරඹයි……
Read more >>

