ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක සිදුකරන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳ පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ පැමිණීම හේතුවෙන් අද සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරන බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට, මෙම මාර්ග වසා තැබීම පිළිබඳ අවධානය යොමු කරමින්, තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.
එසේම හෙට (05) ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රය යන ප්‍රදේශයන්හි මාර්ග ද අවස්ථා කිහිපයකදී වසා තැබෙන අතර, ඒ හේතුවෙන් සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා රියැදුරන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.
එසේම එළඹෙන 06 වැනිදා පෙ.ව. 7.30 – 10.30 අතර කාලයේ අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහ බෝධිය සහ දුම්රියපොළ ආශ්‍රිතව ප්‍රධාන මාර්ග වරින්වර වසා තැබීමට කටයුතු කරන බවත්, එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව තම කටයුතු සිදුකර ගැනීම සඳහා විකල්ප මාර්ග වෙත යොමුකිරීම රථවාහන හසුරවන නිලධාරින් විසින් අවස්ථානුකූලව සිදු කරන බවයි වැඩිදුරත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


