ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේදී දුම්රිය තුනක් එකිනෙක ගැටී සිදුවූ අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 280 කට වඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එසේම අනතුරෙන් පුද්ගලයින් 1000 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.
මෙම දුම්රිය අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේ වන අතර රාත්‍රී 7.00 ට පමණ මෙය සිදුව ඇති බවයි සඳහන් වන්නේත
ෂාලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය කෙරෙන කොරමැන්ඩල් එක්ස්ප්‍රස් නම් දුම්රිය බලසෝර්හිදී පීලි පැනීමකට ලක්වීමෙන් එහි ප්‍රථම අනතුර සිදුව ඇති අතර දුම්රිය පීලිපැනීමත් සමග ඉන් ගැලවී ගිය මැදිරි ඊට සමාන්තරව දෙපසින් දිවෙන දුම්රිය මාර්ග දෙක මතට විසිවී ගොස් නතර වී තිබුණේ එහි නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ද ගැටීමෙන් පසුවයි.
ඒ, සමගම යෙස්වාන්ත්පුර් සිට හොව්රා දක්වා ධාවනය වෙමින් පැවති හොව්රා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් දුම්රිය, අධි වේගයෙන් පැමිණ අනතුරට ලක්වී තිබූ දුම්රිය මැදිරිවල ගැටී එහි දෙවන අනතුර සිදුවී තිබෙනවා.

