ඉන්දික මංජුල සිල්වා මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ අභිනව මහ දිසාපතිවරයා වශයෙන් වැඩ භාර ගනියි….

News Iamges.00_00_01_01.Still457
ශ්රී ලංකා පරිපාලන සේවයේ වසර 22 ක අත්දැකීම් සපිරි ජ්යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන වයි.ඉන්දික මංජුල සිල්වා මහතා පුත්තලම දිස්ත්රික්කයේ අභිනව මහ දිසාපතිවරයා වශයෙන් 2025/09/01 වන දින සුබ මොහොතින් වැඩ භාර ගනු ලැබීය.
කැලණිය විශ්ව විද්යාලයේ මානව සම්පත් කලමනාකරණය පිළිබඳ උපාධිධාරියකු වන වයි.ඉන්දික මංජුල සිල්වා මහතා 2003/09/01 වර්ෂයේදී පරිපාලන සේවයට පිවිස ඇති අතර මෙම තනතුරට පත්වීමට පෙර,
• පරිපාලන සේවා පුහුණුව – SLIDA -2003/09/01
• සහකාර ප්රාදේශීය ලේකම් – නොච්චියාගම – 2004/09/01
• ප්රාදේශීය ලේකම් – නොච්චියාගම – 2007/04/03
• ප්රාදේශීය ලේකම් – කැබතිගොල්ලෑව
• ප්රාදේශීය ලේකම් – මීරිගම – 2012/11/12
• කලමනාකරණ අධ්යක්ෂ – මුදල් ආමාත්යංශය 2021/07/20
• නියෝජ්ය රේගු අධ්යක්ෂ – ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2021/07/21 -2024/07/21
• රේගු අධ්යක්ෂ – BIA -2024
• අධ්යක්ෂ – රජයේ කර්මාන්ත ශාලාව – 2024/07/22 – 2024/12/04
• අතිරේක ලේකම් – කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන ආමාත්යංශය (කර්මාන්ත සංවර්ධන) 2024/09/06 – 2025/08/31
වැනි ආයතනවල සේවය කළ පරිපාලන සේවයේ වසර 22 අත්දැකීම් ඇති ශ්රී ලංකා පරිපාලන විශේෂ ශ්රේණියේ නිළධාරියෙකි. පුත්තලම දිස්ත්රික් ලේකම් වයි.ඉන්දික මංජුල සිල්වා මහතා පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී සිය තනතුරේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවයට පුත්තලම අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) පුබුදිකා.එස්.බන්ඩාර මහත්මිය, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) චතුරක ජයසිංහ මහතා, සහකාර දිස්ත්රික් ලේකම් නිමේෂා.එස්.ජයපද්ම මහත්මිය ඇතුළු දිස්ත්රික් ලේකම් කාර්යාලයීය මාණ්ඩලික නිලධාරීන්, කාර්යාලයීය නිලධාරීන් ඇතුලු රාජ්ය නිලධාරීන් රැසක් සහභාගී විය.
කුරුණෑගල – බිමල් රුහුණගේ