රට තුළ ඉතා විශාල ආර්ථික අර්බුද තත්වයක් පැනනැගී තිබුනත් මේ වන විට ඉදිකිරීම් ඇන හිටීමෙන් සහ හිඟ මුදල් නොලැබීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ඉදිකිරීම් සමාගම් වලට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් බිලියන 11.6ක භාණ්ඩාගාර බැදුම්කරයක් ලබා දී ඇති බව ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
එමෙන්ම අදාළ ගෙවීම් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

