ඉතාලියෙන් මෙරටට එවූ හෂීෂ් තොගයක් අත්අඩංගුවට

hashis

ඉතාලියේ සිට මෙරටට යොමු කරන ලද රුපියල් කෝටි 6කට වඩා වටිනාකමක් ඇති හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් අඩංගු පාර්සලයක් සීදූව ප්‍රදේශයේ භාණ්ඩ නිෂ්කාශන ආයතනයකින් සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට යොමු කරන ලද පාර්සලයක තිබී සොයාගෙන ඇති බවත්, එහි හෂීස්  කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 91ක තොගයක් තිබී ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්කොඩ පැවසුවේ.

අදාල පාර්සලය නිශ්කාශනය කර ගැනීමට පැමිණි නියෝජිතයෙකුද එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාරදුන් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.