ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

b8e9abf5654fee7bf99d33a72760ed22

එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි දෙවැනිදා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

දෙවැනි තරගය ජුනි 04 වනදා ද තෙවැනි සහ අවසාන තරගය ජූනි 07 වනදා ද පැවැත්වීමට නියමිත අතර තරග සියල්ලම හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි.