ඇෆ්ගනිස්තානය​ට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

srilanka-cricket-team

ඇෆ්ගනිස්තානය සමග ජුනි දෙවැනිදා ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වනවා. සංචිතය සදහා දිමුත් කරුණාරත්න හා දුෂ්මන්ත චමීර යළි කැඳවා ඇති අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ද සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා. මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 29 හැවිරිදි දුෂාන් හේමන්ත පා දඟ පන්දු යවන්නෙකු ලෙස සංචිතයට ඇතුළත් කර ඇති අතර, IPL තරගාවලියේ දී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද සංචිතයට නම් කර තිබෙනවා. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

89ad4a464ee37b6be1e88780fe8be36a