ඇෆ්ගනිස්තානයට ලකුණු‍ 269 ක ඉලක්කයක්

sl-vs-afg-1st-odi

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ සියලුදෙනා දැවී ලකුණු 268 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 91 ක්, ධනංජය ද සිල්වා ලකුණු 51 ක්, පැතුම් නිස්සංක ලකුණු 38 ක් හා දුෂාන් හේමන්ත ලකුණු 22 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Fazalhaq Farooqi හා Fareed Ahmad කඩුලු 2 බැඟින් බිඳ හෙළිමට සමත් වුණා.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 269 ක්.