ආර්ථික ප්‍රශ්න තිබුණා කියලා මූණ එල්ලන් ඉන්න බෑනේ, හෝටල්වලට ගිහින් බලන්න රටේ විනෝද වෙන ජනතාව කොච්චර ඉන්නවද කියලා – තිස්ස කුට්ටිආරච්චි

thissa-kuttiarachchi-ll

ජනතා නියෝජිතයින් ලෙස වරාය යනු කුමක්දැයි දැන සිටිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

ඒ අනුව අයවැය විවාදය අවස්ථාවේදී වරායට රැගෙන යන ලෙසත් එහි හතර මායිම පෙන්වන ලෙසත් අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම නිරීක්ෂණ චාරිකාව සූදානම් කර තිබූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම නිරීක්ෂණ චාරිකාවේදී වරාය ගැන දැනගත් බවත් එහිදී යම් දෙයක් ඉගෙන ගැනීමටද හැකියාව ලැබුණු අතර ඒ තුළින් ඉදිරියේදී වරාය ගැන කතා කරන විට එම කරුණු ඔස්සේ කතා කළ හැකි බවද ඔහු සඳහන් කළා.

තමන් මෙම මන්ත්‍රී ධූරය මුදල්දී ලබාගෙන නොමැති බවත් බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප 50,000 ක් ලබාගෙන පැමිණි අතර එම නිසා ඕනෑම රාජ්‍ය ආයතනයක් නිරීක්ෂණය කිරීමට හා ප්‍රධානියෙක් සමඟ සාකච්ඡා කිරීමට අයිතියක් ඇති බවද ඔහු සඳහන් කළා.

එම සංචාරයේ සියලු වියදම් ප්‍රේමලාල් අමාත්‍යවරයා පෞද්ගලිකව දරණ බවට ප්‍රකාශ කළ බවත් එහිදී කුඩා සංග්‍රහයක් සූදානම් කර තිබූ බවද එම මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා සඳහන් කළා.

තමන් එම චාරිකාවෙන් බලපොරොත්තු වූ දේ හොඳින් ඉෂ්ට වූ බවත් තමන් හොඳ විනෝදකාමී මිනිසුන් වන බවත් ආර්ථික ප්‍රශ්න තිබුණා යැයි කියා මුහුණු එල්ලා සිටීමට නොහැකි බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ හෝටල්වලට ගොස් බැලුවහොත් විනෝද වන ජනතාව කෙතරම් සිටින්නේදැයි බලාගත හැකි බවයි.