ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් අක්කර 108ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව හෙට (03) දින එම කටයුතු සිදුකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ අනුව, එම ඉඩම් පවුල් 197ක් අතර බෙදාදීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

