ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළා.
ඉන් අනතුරුව සුපිරි වෙළෙඳසැල් හරහා ආනයනික බිත්තර අලෙවි කිරිමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

