ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (26) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල්වලින් ලබාගත හැකි බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව බිත්තරයක් රුපියල් 35/- ක මුදලකට සහ අසුරන ලද බිත්තරයක් රුපියල් 40/- ක මුදලකට මිලදී ගත හැකි බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.
මෙම බිත්තර පරිභෝජනයට සුදුසු බවට පරීක්ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව වෙළඳපොළට නිකුත් කර ඇති බවත් බිත්තර මිලදී ගැනීමේදී අනියත බියක් අතිකරගත යුතු නැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

