අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

shooting

අහුන්ගල්ලේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

අද (01) දින දහවල් කාලයේදී අහුන්ගල්ල පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදී මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.