අසීරුතා මධ්‍යයේ වුවත් හැකි සෑම සහනයක්ම ඉදිරියේදීත් ජනතාවට ලබා දෙනවා – ජනපති

ranil-75-meet[1]

ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් ඇති යුගයකට රට යළි පත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

දුෂ්කර වුවද මෙම මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත හැකි බවත්, වැරදි ආර්ථික තීන්දු ගැනීමෙන් සිදුවන්නේ රුපියල නැවත අවප්‍රමාණය වීම බවයි ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ.

ඇතැමුන් පවසන ආකාරයේ ජනප්‍රිය තීන්දු ගෙන රටේ අනාගතය අඳුරු කිරීමට තමන් සූදානම් නොමැති බවත්, අසීරුතා හමුවේ ද ජනතාවට හැකි සෑම සහනයක්ම ලබාදීමට ඉදිරියේද කටයුතු කරන බවයි “ශිල්ප අභිමානී 2023” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

65953e138204epdf_page_3 65953e136e970pdf_page_2 65953e1356eb7pdf_page_1 65953e1340f7cpdf_page_0