අස්වැසුම ප්‍රතිලාභ සඳහා ඉතිරි පුද්ගලයින් තෝරා ගැනීම කඩිනම් කිරීමට පියවර

aswesuma-aswasuma-welfare

සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාදීම සඳහා ලක්ෂ 5 ක් වූ ඉතිරි පුද්ගලයින් තෝරාගැනීමේ කටයුතු කඩිනමින් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ සඳහා ඉදිරිපත් වූ අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනම් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නන්ගෙන් එම මුදල අය කර ගන්නා බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.