අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (07) 14 වන දිනටත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
අද දිනයේ විදේශ කටයුතු හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

