ආහාර සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවලට සහනයක් ලබා නොදුනහොත් මිල ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ආහාර සෑදීමට යොදා ගන්නා සහල් ඇතුළු භාණ්ඩ රැසක මිල ඉහළ ගොස් ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
ඒ අනුව රජයෙන් සහනයක් නොලැබෙන්නේ නම් කර්මාන්තය පවත්වාගෙන යාමට නොබෝ දිනකින් මිල වැඩි කිරිමට කටයුතු කරන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

