ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහ නායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමියන් වෙත පිළිගන්වා තිබෙනවා.
මෙම සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
මේ සඳහා මහ නාහිමිවරුන්, ජනාධිපති අනුර කුමාර දිසානායක, මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.

