අපි වැඩි හරියක් ඡන්දය ඉල්ලුවෙත් ඡන්දය දුන්නේත් රට වෙනුවෙන් නෙවෙයි, අපි වෙනුවෙන් – ජනපති

Ranil75speech

මෙවර තමන් පවත්වන්නේ සාම්ප්‍රදායික නිදහස් දින කතාවක් නොව, අද රටට අහිමි වී ඇති නිදහස යලි දිනාගැනීම පිළිබඳ කතාවක් බව නිදහස් දිනය වෙනුවෙන් ජාතිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

බොහෝ දෙනෙක් මෙතෙක් කල් ඡන්දය දුන්නේ රට වෙනුවෙන් නොවන බවත්, තමන් වෙනුවෙන් රැකියාවක් ගැනීමට, දරුවෙක් පාසලට දාගැනීමට, ටෙන්ඩරයක් පාස් කරගැනීමට වැනි පෞද්ගලික වාසි බලාපොරොත්තුවෙන් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම අපේක්ෂකයන් වැඩි හරියක් ඡන්දය ඉල්ලුවේද රට වෙනුවෙන් නොවන බවත්, තමන් වෙනුවෙන් බලය ලබා ගැනීමට, වරප්‍රසාද භුක්ති විඳිමට සහ වැඩිපුර ටිකක් හම්බ කරගැනීමට වැනි පෞද්ගලික වාසි බලාපොරොත්තු බව ජනාධිපතිවරයා පවසනවා.

සියලු දෙනා පොරොන්දුවලට කොටු වී සටන් පාඨවලට හිර වූ බව පෙන්වා දෙන ජනාධිපතිවරයා කියා සිටියේ මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙන්නට පටන් ගත් බවයි.

දේශපාලනඥයින් පොරොන්දු ඉටු කිරීම සඳහාත්, සටන් පාඨවලින් කියූ දේ සනාථ කිරීම සඳහාත් වැඩි වැඩියෙන් ණය ගැනීමට පෙළඹුණු බවද, ඒ හරහා රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටුනු බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

තමා උත්සාහ කරන්නේ මතුපිටින් පෙනෙන රෝගී තත්ත්වයට වේදනා නාශක දීමට නොව, රෝග නිධානයට පිළියම් යෙදීමට බවද, එය දුශ්කර වුවත් යා යුතු එකම මාර්ගය එය බවද 75 වන නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියා.

ජනාධිපතිවරයාගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්.

9a32db3cfd625c17841ee9b71c9f9866

7776e1b6334475ae7723ec787ea7c697

cc7190c3a5bb876d160def02eed0a96b