අප්‍රේල් මාසයේ දී විදේශ ශ්‍රමිකයන්ගෙන් ප්‍රේෂණ ඩොලර් මිලියන 454 ක් – මනූෂ නානායක්කාර

dollar-rupee

විදේශ ශ්‍රමිකයන්ගෙන් 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය වූ අමෙරිකානු ඩොලර් මිලියන 248.9 ට සාපේක්ෂව 2023 වසරේ අප්‍රේල් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 454 ක විදේශ ප්‍ර‍ේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

සිය ට්විටර් ගිනුමේ පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා පවසා සිටියේ එය 82.4% ක (අ.ඩො. මිලියන 205.1) වර්ධනයක් බවයි.

2023 වසරේ මේ දක්වා ලැබූ සම්පුර්ණ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1867.2 ක් වන බවද අමාත්‍යවරයා පවසා සිටියා.

8b42d0125f0ee24a1a52909f60538dee