අද (08) පෙරවරුවේ සිට සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 8.00 සිට වෘත්තීය කණ්ඩායමත් උදෑසන 6.30 සිට කණිෂ්ඨ කාර්ය මණ්ඩලයත් පැය 24 ක වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් සඳහන් කළේ.
නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

